පොල්තෙල් නිෂ්පාදනය 53%කින් පහළට

55

මෙරට පොල්තෙල් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 53.1කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැව් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

එම වර්ෂයේ දී පොල්තෙල් නිෂ්පාදනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 22546කි. 2022 වර්ෂයේ දී පොල්තෙල් මෙට්‍රික් ටොන් 48,069ක් නිෂ්පාදනය කර තිබුණි. ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී පොල්තෙල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 25,523කින් අඩු වී ඇත.

ඒ නිසා ඉකුත් වර්ෂයේ දී මෙරටට ආහාර පිසීම සඳහා ආනයනය කරනු ලැබූ තෙල් ප්‍රමාණය සියයට 130කින් වර්ධනය වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ පොල්ගෙඩි නිෂ්පාදනය ද සියයට 6.5කින් අඩු වී තිබුණි. 2022 වර්ෂයේ පොල්ගෙඩි මිලියන 3,391ක් නිෂ්පාදනය කර තිබූ අතර 2023 වර්ෂයේ දී පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3170 දක්වා පහත වැටී ඇත. වසර දෙකක පමණ කාලයක සිට පොහොර යෙදීම සීමා කිරීම නිසා ශාක සඳහා ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේතුවෙන් පොල් නිෂ්පාදනය අඩු වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment