පොල්පිතිගම සමුපෙන් ජවිපෙට 3න් 2ක ජයක්

301

පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහ සභා නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් ජන්ද විමසීම පසුගිය 07 වැනිදා පැවැත්වීය. සභිකයන් 130 දෙනකු තෝරා ගැනීමට කොට්ඨාස 30 ක ජන්දය පැවැත්වුණ අතර එජාපය හැර ප්‍රධාන ධාරාවේ අනෙකුත් පක්ෂවල සාමාජිකයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීය. පොල්පිතිගම සමුප ජන්ද ඉතිහාසයේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණ කොට්ඨාස 25 ක් සඳහා මෙවර තම අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබිණි. ඉන් කොට්ඨාස 23 කම ජය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වී ඇත. සමස්ත ප්‍රතිඵලය තුළ මහ සභා නියෝජිතයන් 130 න් 94 ක් ජනතා විමුක්ති පෙරමුණට ද, සමගි ජන බලවේගයට 20 ක් සහ පොදුජන පෙරමුණට 16 ක් ලෙස බෙදී ගොස් තිබේ. ඒ අනුව ප්‍රථම වතාවට 3 න් 2 කට වැඩි ප්‍රතිශතයකින් පොල්පිතිගම විවිධ සේවා සමුපකාරයේ බලය ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

පොල්පිතිගම කියන්නේ මගේ ගම, පළවෙනි පාරට අපි පොල්පිතිගම සමුප ජන්දයට අපේක්ෂකයින් ඉදිරිපත් කරලා 3 න් 2 කට වැඩි බලයක් ජනතාව අපිට ලබා දීලා තියෙනවා. කලින් පොහොට්ටුව බලයට ගෙනාව සාමාජිකයන්ම තමා මේ පාර අපිට 3 න් 2 කටත් වැඩි බලයක් දීලා තියෙන්නේ. පොල්පිතිගම කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්. මේ රටේ ආණ්ඩු කරපු ඈයෝ වර්තමානය ආර්ථිකයට මේ කරපු විනාශයත් එක්ක පොල්පිතිගම මිනිස්සු කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. මිනිස්සුන්ගේ හිත් වල තියෙන වේදනාව, පීඩනය, විරෝධය සහ විකල්පයකට යන්න තියෙන කැමැත්ත තමයි මේ ජන්දේ ප්‍රතිඵල වලින් ගම්‍ය වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි පාලකයන්ට මතක් කරනවා ජනතාව උඹලගේ ලණු ගිලපු කාලය අවසානයි. ලෑස්ති වෙයල්ලා කදමලු බැඳගෙන ගම්බිම් වලට යන්න කියල.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment