පොල් ගෙඩිය 2022 දී වාර්තාවක් තියයි

134

මෙරට පොල්ගෙඩි නිෂ්පාදනයේ ඉහළම වාර්ෂික නිෂ්පාදනය 2022 වර්ෂයේ වාර්තා වී ඇත.

ඒ අනුව එම වර්ෂයේදී පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක දක්වා ඉහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2022 වර්ෂයේ දී පොල්ගෙඩි නිෂ්පාදනය සියයට 8.7ක වර්ධනයක් වාර්තා කරමින් සමස්ත පොල්ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත. 2021, 2022 යන වර්ෂවල පැවැති හිතකර කාලගුණික තත්ත්වය, ප්‍රධාන පොල් වගාකරණ ප්‍රදේශයන් හි පැවැති හිතකර වායුගෝලීය උෂ්ණත්වය, පොල් නිෂ්පාදනයේ වර්ධනය සඳහා හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment