පොල් ගොවියා සමාගමේ හිරවෙලා

348

අපනයනය සඳහා අලෙවි කරන පොල් අඩු මිලට මිලදී ගැනීමට බහුජාතික සමාගම් ක‍්‍රියාකිරීම නිසා පොල් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි සාම්ප‍්‍රදායික පොත් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අපනයනය සඳහා වූ පොල් ගෙඩියක් රුපියල් 40ට වඩා අඩු මිලකට පොල් ගොවීන්ගෙන් මිලදී ගැනීමට අදාළ සමාගම් කටයුතු කිරීම නිසා පොල් වගාකරුවනට සිය නිෂ්පාදන පිරිවැය හෝ පියවාගත නොහැකි බව පවසයි.

මේ වන විට පොල් පොහොර මිටියක් රුපියල් 18,000ක් බවත්, පොල් පොහොර යොදන කම්කරුවකුට වැටුප ලෙස රුපියල් 8500ක් වැනි මුදලක් ගෙවිය යුතු බවත් පවසන බුද්ධික ද සිල්වා මහතා ඒ අනුව රුපියල් 40ට වඩා අඩු මිලට අපනයන පොල් ගෙඩියක් මිලදී ගැනීමට අදාළ සමාගම් ක‍්‍රියාකිරීමෙන් මෙරට පොල් වගාකරුවන් පොල් වගාවෙන් ඉවත්විය හැකි යැයි ද අනතුරු අඟවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment