පොල් පැළ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන

270

පොල් වගා කිරීමේ මණ්ඩලය හා ත‍්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කළ ”රණවිරු දෑතින් දෙරණට පිදෙන සියක් දහසක් කප්රුක්” පොල් පැළ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික පොල් පරිභෝජනය ඉහළ යෑම සහ විදේශ වෙළෙඳපොළ වෙත ව්‍යවසායකයන් යොමු වීමත් සමඟ පොල් වගාව සඳහා යොමුවන වගාකරුවන් ගණන වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය වාර්ෂිකව නිෂ්පාදනය කරන උසස් තත්ත්වයේ පොල් පැළ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇත. පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් 2022 වසරේදී පොල් පැළ මිලියන 7.5ක් නිපදවීමට සැලසුම් කර ඇත.

පොල් පැළ ලක්ෂයක්  නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන

මෙම වැඩිවී ඇති පොල් පැළ ඉල්ලුම සපුරාලීමට වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ් උපදෙස් පරිදි පොල්, කිතුල් හා තල් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම අනුව 2022 වර්ෂයේ පොල් පැළ නිෂ්පාදන ඉලක්කය වන මිලියන 7.5ක ප‍්‍රමාණයෙන් පොල් පැළ මිලියන 5ක් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නිෂ්පාදනය සිදුකරන අතර පොල් පැළ මිලියන 2.5ක් පෞද්ගලික ව්‍යවසායකයන් හා ත‍්‍රිවිධ හමුදාව මගින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන යටතේ පොල් පැළ තවාන් ආරම්භ කිරීමට අවශ්‍ය බීජ පොල් හා තාක්ෂණික උපදෙස් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබාදේ.

මෙම වැඩසටහන යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලය හා ත‍්‍රිවිධ හමුදාව මගින් ”රණවිරු දෑතින් දෙරණට පිදෙන සියක් දහසක් කප්රුක්” තේමාව පෙරදැරිව 2022 වසර සඳහා පොල් පැළ ලක්ෂයක් නිෂ්පාදනය කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදා කඳවුරු තුළ තවාන් 10ක් ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන

පොල් පැළ ලක්ෂයක්  නිෂ්පාදනය කිරීමේ සමාරම්භක වැඩසටහන

පසුගිය 16 වැනි දින පෙ.ව. 10.25 ට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ කන්දකාඩු ගොවිපළ භූමියේදී සිදු විය. මෙම අවස්ථාව සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෘෂි හා පශු සම්පත් අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් රැසක් ද සහභාගී විය.

මෙම පොල් පැළ තවාන මගින් 2022 වසරේදී ගුණාත්මයෙන් උසස් පොල් පැළ ලක්ෂයක් නිපදවීමට සැලසුම් කර ඇත. මෙම තවාන පවත්වා ගැනීමට අවශ්‍ය නිරන්තර තාක්ෂණික සහාය හා අධීක්ෂණය පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොලොන්නරුව ප‍්‍රාදේශීය කාර්යාලය මගින් ලබාදෙනු ඇත. දිවයිනේ පොල් වගා වපසරිය වැඩිකර ගැනීමේ අරමුණින් රාජ්‍ය හා ත‍්‍රිවිධ හමුදා ඉඩම් අක්කර 3,000ක පොල් වගා කිරීමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති සඳහා ත‍්‍රිවිධ හමුදාව මගින් නිෂ්පාදනය කරන පොල් පැළ යොදා ගැනීමට තීරණය කර ඇත. ඉදිරියේදී ආබාධිත රණවිරුවන් සඳහා සුභසාධක කටයුතු සඳහා පොල් පැළ බෙදා දීමට ද පොල් වගා කිරීමේ මණ්ඩලය හා ත‍්‍රිවිධ හමුදාව බලාපොරොත්තු වේ.

මාධවී හේරත්
සභාපති
පොල් වගා කිරීමේ මණ්ඩල

advertistmentadvertistment
advertistmentadvertistment