පොල්  සම්බෝලවල  පෝෂණය

460

මේ දිනවල අප කොයි කාගේත් ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත්තේ පොල් සම්බෝල ය. දුප්පත් ජනතාවගේ ආහාරයක් ලෙස ඇතැම් අය පැවසුවත් මෙහි ඇති පෝෂ්‍ය ගුණය ඉහළය.

 පොල් සම්බෝලය සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන පොල්වල සිරුරේ ශක්තිය වර්ධනයට අවශ්‍ය හිතකර මේදය හෙවත් සංතෘප්ත මේදය ඇත.

 පොල්වල කෙඳි සහිත බව සියයට 75 ක් පමණ ඇති නිසා ජීර්ණ ක්‍රියාවලිය ද හොඳින් සිදු වේ. එසේම එහි ප්‍රෝටීන් ද බහුලය.

 පොල් සම්බෝලය සෑදීමට යොදා ගන්නා සෙසු අමුද්‍රව්‍ය වන සුදුලූනු, රතුලූනු, වියළි මිරිස්, ගම්මිරිස්. කරපිංචා, ලුණු ආදියෙහි විටමින් වර්ග, කැල්සියම්, සෝඩියම් ආදී ඛනිජ ලවන වර්ග අඩංගුය.

 ඒ නිසා පොල් සම්බෝල යනු සිරුරේ පෝෂණය ඉහළ නංවන්නට උපකාරි වන ආහාරයකි.

 පොල් සම්බෝල ආහාරයට ගැනීම මගින් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උපකාරී වන මේදය ලැබේ. එහි ඇති කෙඳි සහිත බව නිසා මලබද්ධය ඇතිවීම වළක්වයි. විටමින්, ඛනිජ ලවන ඇති නිසා විෂබීජ නාශක ගුණය ද පවතී.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment