පොලිතීන් ලන්ච්ෂීට් ලබන මස සිට තහනම් අලෙවි කළොත් දඩය රු. ලක්‍ෂයක්

554
OLYMPUS DIGITAL CAMERA

පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිකරන පුද්ගලයන්ට එරෙහිව අයකෙරෙන දඩය ඉදිරියේදී රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි කෙරෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 මේ සඳහා අදාළ අණපනත් සංශෝධනය කෙරෙනු ඇත.
 
 එමෙන්ම ලබන මස 01 වැනිදා සිට පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
 
 ඒ අනුව අගෝස්තු 1 වැනිදායින් පසුව ආහාර එතීමට යොදාගත හැක්කේ ජෛව හායනික ලන්ච්ෂීට් බැවින් මෙරට නිපදවීම බෙදාහැරීම හා අලෙවි කළ හැක්කේ එම ලන්ච්ෂීට් පමණක් බවද අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම ජෛව හායනික ලන්ච්ෂීට් නිපදවීමට බලපත‍්‍ර ලබාගන්නා සමාගම් පොලිතීන් ලන්ච්ෂීට් නිපදවන බවට වාර්තා වුවහොත් එම සමාගම්වලට නිකුත් කරනු ලබන බලපත‍්‍රය එවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාවේදීම අහෝසි කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා මෙම සාකච්ඡුාවේදී දැනුම්දී තිබේ.

 – අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment