පොලිස්පතිගේ ලිපිය විහිළුවක් – අනුර කුමාර දිසානායක

225

ජනතා විමුක්ති පෙරමුණ සහ විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම් සහ දේශපාලනඥයන් ඉලක්ක කර ඉදිරියේදී ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවට තොරතුරු ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපිය විහිළු සහගත විකට ලිපියක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04 වැනිදා) පැවසීය.

එවැනි තත්ත්වයක් ඇති කිරීමට ජවිපෙ කිසි ලෙස කටයුතු නොකරන බවත් එම ලිපිය මගින් කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් පැවසූ හෙතෙම ජනතා මතය යටපත් කිරීම සඳහා ආණ්ඩුව සමාජය බිය වැද්දීමට කටයුතු කරමින් සිටින බවත් එවැනි ක්‍රියාමාර්ග තුළින් ජනතා විරෝධය යටපත් කළ නොහැකි බවත් කීවේය.

තමාට පැවරී ඇති රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත් නොවන ලෙස පොලිස්පතිවරයාට කියා සිටින බවත් ආණ්ඩුව යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර එය ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාර මත පැටවීමේ සැලසුමක් තිබේ දැයි බරපතළ සැකයක් මේ තුළින් මතුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment