පොලිස්පති සහ  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මානව හිමිකම් කොමිසමට කැඳවයි

199

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර පිටිය සහ අරලියගහ මන්දිරය අසල සාමකාමීව විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන්ට සංවිධානාත්මක කණ්ඩායමක් සිදුකළ අමානුෂික පහරදීම් හා ඔවුන්ගේ දේපළ හානි කිරීම් වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද (11දා) පෙරවරු 10.00ට තම කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට සහ ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දී ඇත.

එදින අරලියගහ මන්දිරයේදී හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවති රැස්වීමකින් අනතුරුව නික්මගිය පිරිසක් එම උද්ඝෝෂකයන් අතරට කඩාවැදී පහරදී ඇති බවට මේ වනවිට ජනමාධ්‍ය මගින් අනාවරණය වී ඇති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය ප්‍රමුඛ එම කොමිෂන් සභාව නිකුත් කළ එම කැඳවීම් ලිපි මගින් පෙන්වාදී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment