පොලිස් අණ නොතකා ගිය තරුණයන් මරුවා ළග නැවතිලා

762

පොලිස් අණ නොතකා පලාගිය යතුරු තණමල්විල, කිතුල්කොටේ ප‍්‍රදේශයේදී ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ දහනව හැවිරිදි වියේ පසු වු තරුණයන් දෙදෙනකු එම ස්ථානයේදීම 19 දින රාත‍්‍රි මිය ගොස් ඇති බව තණමල්විල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ලූණුගම්වෙහෙර උඩමත්තල ප‍්‍රදේශයේ පදිංචි අතපත්තු දිසානායක නවීන් සහ සිරිවර්ධන රම්මලගේ ලක්නුවන් ප‍්‍රමුදිත යන අයයි.

මිය ගිය අය ලූණුගම්වෙහෙර විසි දෙකේ හංදියේ පැවැති මළ ගෙදරකට සහභාගි වී මත්පැන් පානය කර පසුව ඔවුන් තිස්සමහරාම, පන්නගමුව ප‍්‍රදේශයට පැමිණ ආපසු යන අතර තුරදී ලූනුගම්වෙහෙර ඇල්ලගල හංදියේ පොලිස් බාධකයේදී යතුරු පැදිය නතර කරන ලෙද පොලිසිය අණකර තිබේ. එහිදී යතුරුපැදිය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එම යතුරුපැදිය ලූහු බැඳ ගොස් තිබේ.

එහිදී යතුරුපැදිය තරමල්විල පොලිසිය පසුකර වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක් පසුකර යෑමට උත්සාහ කර තිබේ. එහිදී මාර්ගයෙහි ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වු ලොරි රථයෙහි ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment