පොලිස් අධිකාරිගේ නිවසට හොරු පනී

194

වාද්දුව, මොල්ලිගොඩ පිහිටි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසේ ඉදිරිපස ජනේලයක් කඩා ඇතුල්වූ පුද්ගලයෙකු එහි අල්මාරියේ තිබූ තිබූ රුපියල් ලක්ෂයක අධික වටිනාකමකින් යුත් රන් මුදුවක් සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන’ පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට තාප්පයෙන් පැන ඉදිරිපස ජනේලයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු නිවසෙහි අල්මාරියේ තිබූ රන් මුදුව සහ රුපියල් 33000 ක පමණ මුදලක් සොරකම් කරගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය කීය.

සොරකම සිදුවන අවස්ථාවේ පොලිස් අධිකාරීවරයාගේ බිරිඳල දියණිය සහ ඇයගේ දරුවා නිවසේ රැඳී සිට ඇතැයිද සදහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment