පොලිස් අශ්වයන්ටත් ඩොලර් හරස්වෙයි

183

පොලිස් අශ්වාරෝහක අංශයට අශ්වයන් පස්දෙනකු ගෙන්වා ගැනීමට ගෙන තිබෙන තීරණයට ඩොලර් අර්බුදය තදින්ම බලපා තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළේය.

ඒ අනුව මෙම අශ්වයන් මෙරටට ගෙන්වා ගැනීමට ගෙන ඇති තීරණය ගැටලු සහිත බව පොලිසිය කියයි.

දැනට පොලිස් අශ්වාරෝහක අංශයෙහි අශ්වයන් 43 දෙනකු සේවයට යොදවා තිබෙන අතර ඉන් දෙදෙනකු විශ්‍රාම යෑම හේතුවෙන් විනෝද චාරිකා වැඩසටහන් සඳහා සත්තුවත්තට පරිත්‍යාග කළ බවද පොලිසිය සඳහන් කරයි. අශ්වාරෝහක අංශයට අවසන් වතාවට පිටරටින් අශ්වයන් ගෙන්වා ඇත්තේ 2018 වසරේදීය. එදා එක් අශ්වයෙක් මිලට ගෙන ඇත්තේ ලක්‍ෂ 36ක මුදලකට බවද අද එම මුදල් ප්‍රමාණය විශාල විය හැකි යැයි ද අශ්වාරෝහක අංශය කියයි. මේ අතර ඩොලර් අර්බදය මත පොලිස් සුනඛයන් මෙන්ම තාක්‍ෂණික උපකරණ ද පොලිසියට ගෙන්වා ගැනීමට අසීරු වී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment