පොලිස් අශ්වයෝ දෙදෙනෙක් හදිසියේ මියයති

288

පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් දෙදෙනකු පසුගිය දින කීපය ඇතුළත හදිසියේම මියගොස් ඇත.

පොලිස් ආරංචිමාර්ග පවසන අන්දමට මෙම එක් අශ්වයකුගේ වයස අවුරුදු දහයක් පමණ වන අතර අනිකාගේ වයස අවුරුදු දොළහකි. මෙම අශ්වයන් දෙදෙනා මෙසේ දින කීපයක් ඇතුළත මියගොස් තිබේ. මෙම අශ්වයන්ට ආහාර අතින් කිසිදු හිඟයක් නැතැයි සඳහන්ය. මියයන්ට හේතුව පිළිබඳ පශු වෛiවරයා විසින් පරීක්‍ෂණ පවත්වා ඇතත් මෙතෙක් වාර්තාව ලැබී නැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

සෑම වසරකම මෙම අශ්වයන් මියයෑම ස්වභාවික නමුත් ඒ පිළිබඳ පරික්‍ෂණ පැවැත්වීම වැදගත් බව ද පොලිසිය කියයි. මේ අතර ලබන වසර තුළදි ශ්‍රී ලංකා පොලිසියට පිරටින් අශ්වයන් ගෙන්වා ගැනීමේ අදහසක් ද පවතින බව පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment