පොලිස් – ආමි යතුරු පැදි ගැටේ වැල්ලව නිලධාරිනිය මරුට  

1302

වැල්ලව, රංගම, ගෝනාගම, ඉද්දගොල්ල ප‍්‍රදේශයේ දී පෙරේදා (21 දා) දින රාත‍්‍රී 7.00ට පමණ වැල්ලව පොලිසියේ නිලධාරිනියක ගමන්ගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියක් යුද හමුදා පොලිසියේ නිලධාරියකු ගමන්ගත් යතුරුපැදියක මුහුණට මුහණ ලා ගැටීමෙන් වැල්ලව පොලිස් නිලධාරිනිය ජීවිතක්‍ෂයට පත්වූවා ය.

මෙලෙස මරණයට පත් වූයේ වැල්ලව පොලිසියේ සේවය කළ රංගම නෝනාගම පාරේ පිදිංචිව සිටි කේ.ඞී. රොසිකා සඳමාලි නමැති 34 හැවිරිදි විවාහක නිලධාරිනියකි. ඇයගේ ස්වාමි පුරුෂයා ද කුරුණෑගල පොලිසියේ නිලධාරියෙකි.

මරණයට පත් නිලධාරිනිය වැල්ලව පොලිසියේ සිවිල් සේවකයකුගේ නිවසේ දානමය පිංකමකට අට පිරිකරක් රැුගෙන තමන්ගේ දියණිය සමග යතුරුපැදියෙන් පෝරාපොළ ප‍්‍රදේශය බලා ගමන් කර ඇත. මේ අතරතුර ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යුද හමුදා නිලධාරියා ගේ අධිවේගී යතුරුපැදිය මුහුණට මුහුණලා ගැටී තිබේ. එම අනතුරින් තුවාල ලැබූ තිදෙනා වැල්ලව ප‍්‍රාදේශීය රෝහලට ගෙන ආ අතර පොලිස් නිලධාරිනිය අතරමඟ දී මිය ගොස් ඇත. ඇය ගේ දියණිය බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ හමුදා නිලධාරියා වැල්ලව පොලිසය මගින් අත්අඩංගුවට ගෙන වැල්ලව ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

වැල්ලව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති (ප‍්‍ර.පො.ප.) සුදර්ශන සෙනෙවිරත්න, රථවාහන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප.) වසන්ත විජේබණ්ඩාර, පො.සැ. (56700) සමන් යන නිලධාරිහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

අර්වින් රෝයි – වැල්ලව

advertistmentadvertistment
advertistmentadvertistment