පොලිස් ඉතිහාසයේ දෙවැනි කාන්තා ඔි.යි.සී හෙට වැඩ භාර ගනී

400

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.එම්.අයිග කාංචනා සමරකෝන් ගම්පහල නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස හෙට ප.ව. 4.00 වැඩ බාරගැනීමට නියමිතය.

ඇය ශ‍්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙලෙස පත්වන දෙවැනි පොලිස් ස්ථානාධිපතිවරියයි.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාංචනා සමරකෝන් කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී. 1997 දී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති අතර හලාවත, වව්නියාව,ල ගම්පහ, මිරිගම,නිට්ටඹුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාශයන්හි සේවය කර ඇත.

ඇගේ ස්වාමිපුරුෂයාද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන අතර ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

advertistmentadvertistment
advertistmentadvertistment