පොලිස් කී‍්‍රඩකයන් පළමු ජය ලබද්දී හැව්ලොක්ස් අපරාජිතව ඉදිරියට

95

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක පළමු පෙළ අන්තර් ක‍්‍රීඩා සමාජයය ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තවත් තරග 02 ක් ඉකුත් සෙනසුරාදා (12) සවස පැවැති අතර එහිදී කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කරමින් ජයග‍්‍රහණ සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලියේ පළමු ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට පොලිස් පිලට හැකිවූ අතර තම අපරාජිත බව ඉදිරියට ගෙන යමින් මුහුණ දුන් සිව් වැනි තරගය ද ජය ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සමත් වීම කැපී පෙනුණි.

පොලිස් – ගුවන් හමුදාව

පසුගිය මාස කිහිපය තුළ යම් ස්ථාවර බවක් ප‍්‍රදර්ශනය කළ ගුවන් හමුදාවට එරෙහිව ප‍්‍රබල සටනකට අවතීර්ණ වෙමින් ලකුණු 11- 03 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට පොලිසිය සමත්වීම කැපී පෙනුණි.

ආරක්ෂාකාරී ක‍්‍රීඩා රටාව තර කරමින් ආක‍්‍රමණයක නිරත වූ පොලිස් පිල තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 08 – 00 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය.

පොලිස් පිල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත ගුවන් හමුදා පිලේ ලකුණු එකතුව දඬුවම් පහරක් ආශ‍්‍රිතව සටහන් විය.

පොලිස් ජයග‍්‍රහණය වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ වගීෂ වීරසිංහ එකම උත්සාහයක දිනුම වාර්තා කළ අතර සචිත් සිල්වා (01* සහ යොහාන් පීරිස් (01* බැගින් දඬුවම් පහර නිවැරදිව යොමු කරමින් කැපී පෙනුණි.

පරාජිත පිලේ සාර්ථක වූ එකම ද`ඩුවම් පහර නුවන් පෙරේරාගේ පාදයෙන් වාර්තා විය.

මෙම තරගය ගිහාන් යටවර මහතා විසින් විනිශ්චය කරන ලදී.

හැව්ලොක්ස් – සී.එච්. ඇන්ඞ් එෆ්.සී.

ආකීල් ජමාල්ඞීන් මහතාගේ විනිශ්චයට අනුව විදුලි ආලෝක ධාරා මැද හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් මෙට්ලන්ඞ් පෙදෙසේ සී.එච් ඇන්ඞ් එෆ්.සී පිල පරදා අතිශය තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සත්කාරක හැව්ලොක්ස් පිලට හැකි විය.

තරගයේ ඇරැුඹී පළමු භාගයේ දී ප‍්‍රබල ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වීමට හැව්ලොක්ස් පිලට හැකි වුව ද දෙවන භාගයේදී වැඩි ගෞරව අත් කර ගැනීමට සී.එච්. ක‍්‍රීඩකයන් සමත් වීම මෙම තරගයේදී කැපී පෙනුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 12 – 03 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට හැව්ලොක්ස් පිලට හැකි විය.

තරගය ආරම්භ කළ 78 වැනි මිනිත්තුවේදී ලකුණු 17 – 17 ක් ලෙස සම මට්ටමක පසුවීමට දෙපිලටම හැකි වූ නමුත් නියමිත කාලය නිමා වීමට ආසන්නයේදීම ක‍්‍රියාත්මක වූ අත්දැකීම් සපිරි ක‍්‍රීඩක සංදේශ් ජයවික‍්‍රම ද`ඩුවම් පහරක් සාර්ථකව ප‍්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කරමින් හැව්ලොක්ස් පිල ජයග‍්‍රහණය සනාථ කර ගැනීමට සමත් වූයේ ලකුණු 20 -17 ක් ලෙසිනි.

හැව්ලොක්ස් පිල එක් ගෝල් දිනුමක් උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත සී.එච්. පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් ආශ‍්‍රිතව වාර්තා විණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment