පොලිස් කොන්දේසියෙන් ත්‍රිරෝද රථ හිමියෝ අසරණයි

412

ජාතික ඉන්ධන බලපත්‍රයට (QR) අනුව ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රිරෝදරථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීමේදී වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු සතු විය යුතු බවට පොලිසිය මගින් කොන්දේසියක් දැමීම නිසා බොහෝ ත්‍රිරෝදරථ හිමියෝ දැඩි අසරණභාවයට පත්ව සිටිති.

මෙරටේ බොහෝ ත්‍රිරෝද සහ යතුරුපැදි මිලදී ගැනීමේදී එම වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු සතුව නොපවතින බවත් මෙවැනි කොන්දේසි දමන්නේ නම් ඉන්ධන ලබා ගැනීම ඒ අයට සිහිනයක් පමණක් වන බවත් ත්‍රිරෝදරථ හිමියෝ පවසති.

ත්‍රිරෝදරථ පොලිසිවල ලියාපදිංචි කිරීම, ලියාපදිංචි අයිතිය වර්තමාන හිමිකරු සතුව තිබිය යුතු වීම ආදිය මෙන්ම QR ක්‍රමය හඳුන්වාදීම හරහා මේ සිදු කරන්නේ රටේ ඉල්ලුම සපුරාලීමට තරම් ඉන්ධන නොමැති නිසා එවැනි පිරිස් ඉවත් කර දැමීමට දැයි ඔවුහු විමසති.

යතුරුපැදි හිමිකරුවන්, ත්‍රිරෝද හිමිකරුවන් ආදීන් මේ වනවිට දැඩි ලෙස රස්තියාදු කරමින් එම පිරිස් අන්ත අසරණ කරමින් සිටින බව ද ඔවුහු කියා සිටිති.

රටේ අවශ්‍යතාවට ඉන්ධන ගෙන ඒමට නොහැකි පාලකයින් මේ සිදු කරන්නේ කුමක්දැයි නොතේරෙන බව ද ඔවුහු තවදුරටත් පවසා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment