පොලිස් ගමන් වියදම් දීමනා වැඩි කෙරේ

202

පොලිස් නිලධාරීන්ගේ ගමන් වියදම් ඉහළ දැමීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් දින 14 කට සීමා කර තිබූ ගමන් වියදම් දීමනාව 21 ක් දක්වා ලබාදීමට කටයුතු කර තිබේ.

මෙලෙස ගමන් වියදම් දීමනාව ඉහළ දැමීමත් සමග කනිෂ්ඨ නිලධාරියකුගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දක්වා ශ්‍රේණිවලට රුපියල් හාරදහසේ සිට අටදහස දක්වා අතර මුදලක් ගමන් වියදම් දීමනාව ලෙස අලුතින් එක්වන බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment