පොලිස් ජීප් රථයක් ලෙස සැකසූ ව්‍යාජ රියකින් ගංජා සහ කුඩු බෙදලා

479

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් භාවිතයට ගන්නා ජීප් රථයක් ලෙසට ව්‍යාජ ලෙස ජීප් රථයක් සකස්කර මහා පරිමාණයෙන් ගංජා සහ කුඩු බෙදාහැරි පුද්ගලයෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් සිය ජිප් රථයෙන් රැගෙනවිත් ගංජා සහ කුඩු බෙදාහරින බවට වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකකාර ජීප් රථය අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේ දී මෙම ජීප් රථය ජාවාරම් කරු විසින් මිලදීගෙන උසස් පොලිස් නිලධාරීන් භාවිතා කරන අයුරින් සකස් කර ඇති බව හෙළි කරගෙන තිබේ. මෙරටට වාහන ගෙන්වන සමාගමකින් කලු පාට මෙම ජීප් රථය ලබාගෙන නීති විරෝධී ආකාරයෙන් පොලිස් ජිප් රථයක් ලෙසට පාට වෙනස් කර කළු වීදුරු දමා වී.අයි.පී. විදුලි සංඥා, ජීප් රථයේ ඉදිරිපස පොලිසිය භාවිතා කරන ආකාරයේ දුරකථන සංඥ උපකරණයක් ජීප් රථයේ සවිකර තිබී ඇත.සැකකරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ වලට හසු නොවී මෙම ජීප් රථයෙන් ගංජා සහ මත්කුඩු බෙදා හැර ඇති බව ද හෙළි කරගෙන තිබේ.

පොලිසිය විසින් මෙම වාහන ගෙන්වා ඇති සමාගමෙන් සිදු කළ විමසීමේදී පොලිස් රථවල පාටට සමාන ජීප් රථ සාමාන්‍ය ජනතාවට ලබා නොදෙන බවට තහවුරු කර තිබේ.මෙම ජාවාරම සිදුකළ කලුතර බෝබුවල පදිංචි සැකකරු පලා ගොස් ඇති අතර ඔහුට එරෙහිව ගංජා සම්බන්ධයෙන් නඩු කිහිපයක් අධිකරණ වල විභාග වන බවද අනාවරණය කරගෙන තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment