පොලිස් ටෙන්ඩරයකුත් හොරට හදලා

239


පොලිස් දෙපාර්තමේන්තුවේ ටෙන්ඩරයකදී කූට ලේඛන හා ව්‍යාජ වෙබ් අඩවියක් සකසා අගතියක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගමකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය, බීමත් පුද්ගලයන් පරීක්‍ෂා කරනු ලබන බැලූන් තොගයක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරයකට පුද්ගලික සමාගමක් විසින් නීත්‍යානුකූලව මිල ගණන් ඉදිරිපත් කර තිබියදී තවත් සමාගමක් විසින් ව්‍යාජ වෙබ් අඩවියක්, ඊමේල් ලිපියන හා කූට ලේඛන සකසා ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම අසාදු ලේඛනගතවීම සැලැස්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු ආරක්‍ෂක ප‍්‍රධානීන්ද දැනුවත් කිරීමට නිත්‍යානුකූලව ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment