පොලිස් පාට් පෙන්වමින් සුරූපී තරුණියන් අලෙවි කළ හොර ඩී.අයි.ජී

828

පිළියන්දල කරදියාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය එක්තරා නිවාඩු නිකේතනයක්ය. ආහාරපාන, නවාතැන් පහසුකම් ආදී සේවාවන්ගෙන් යුත් මෙම නිවාඩු නිකේතනය තුළ ඊට අමතර වෙනස් සේවාවක්ද කලක් තිස්සේ එහි පවත්වාගෙන ගොස් ඇත. සුරූපී තරුණියන් ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන එම සේවාව මගින් එහි හිමිකරු අධික ආදායමක් උපයා සපයා ගන්නා අතර එම නීති විරෝධී ගාණිකා ජාවාරම දිගින් දිගටම සිදුකිරීම පිණිස නීතියෙන්ද බාධා එල්ල වී නැත. ඊට හේතුව බවට පත්වන්නේ එම තරුණියන් මුදලට අලෙවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යනු ලබන තැනැත්තා නියෝජ්‍ය පොලිස්පතිවරයකු බවට ප‍්‍රදේශය පුරා පැතිර පවතින මතය හේතුවෙන්ය.

එබැවින් ඇඟමස පිනවීමට කැමති සල්ලාලයන් නිතර එහි පැමිණෙන අතර අධික මුදලක් ගෙවා ලබාගන්නා රූමත් තරුණියන් හා කම්සැප විද යළි පිටව යන්නේ කිසිදු බියකින් චකිතයකින් තොරවය. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු අතුරු ආන්තරාවකින් තොරව එම ගණිකා ජාවාරම ජයට සිදුවන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ යන න්‍යායට අනුවය. එහි පැමිණෙන ගනුදෙනුකරුවන් තමන්ට අවශ්‍ය කරන සුරූපී තරුණියන් ඇනවුම් කිරීම පිණිස පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණිමේදී ඒ ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන්නේ එහි හිමිකරුවන නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි කියාගන්නා පුද්ගලයා මෙරට උසස් පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු ප‍්‍රභූ පුද්ගලයන් සමඟ පෙනී සිටින සමූහ ඡායාරූප රැසක් පිළිගැනීමේ කවුන්ටරය හා ඒ අසල ප‍්‍රදර්ශනය පිණිස තබා ඇති ආකාරයකි. එම ඡායාරූප දුටු පමණින් ඕනෑම කෙනෙකුට හැඟී යන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් පවත්වාගෙන යනු ලබන ‘‘මස් කඩයක්’’ බැවින් කුමට බියවිය යුතුද යන එඩිතර හැඟීමකි.

කෙසේවෙතත් ඒ වනවිට මෙම ගණිකා ජාවාරම පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ප‍්‍රදේශවාසීන් විසින් පියවරගෙන තිබූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පොලිස්පතිවරයා ලබාදුන් උපදෙස් මත කි‍්‍රයාත්මක වන වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදුකොට ඇත.

පොලිස් පාට් පෙන්වමින් සුරූපී තරුණියන් අලෙවි කළ හොර ඩී.අයි.ජී

ඒ අනූව වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා වෙත පොලිස්පතිවරයා ලබාදුන් තොරතුර විසින් වාර්තා කර සිටින්නේ පිළියන්දල කරදියාන ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයක නවාතැන් පහසුකම් සැපයීමේ මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා ජාවාරමක් ක‍්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු විසින් එම ගණිකා ජාවාරම පවත්වාගෙන යනු ලබන බවත්ය.

තමන් වෙත ලැබුණු එම තොරතුර ඔස්සේ ක‍්‍රියාත්මක වන සහකාර පොලිස් අධිකාරිවරයා ඒ පිළිබඳව පළමුව තම නිලධාරීන් දැනුවත් කරන අතර ඒ පිළිබඳ සොයා බලා තමන් වෙත කරුණු වාර්තා කරන ලෙසද උපදෙස් ලබා දෙන්නේය. ඒ අනුව ක‍්‍රියාත්මක වන බුද්ධි නිලධාරීන් කීප දෙනෙක් අදාළ ප‍්‍රදේශය වෙත ගොස් ආවේක්ෂණ රාජකාරියේ නිරත වන අතර ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි කියා ගනිමින් ව්‍යාජ රංගනයක යෙදෙන පුද්ගලයකු විසින් එම ගණිකා ජාවාරම මෙහෙය වන බවත් ඔහුගෙන් විහිදෙන ‘‘පොලිස් රැස්’’ හේතුවෙන් අදාළ ජාවාරම ජයටම සිදුකරගෙන යමින් පවතින බවත්ය.

ඒ අනුව එම ස්ථානය වැටලීම පිණිස සැලසුම් සකස්කරන වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකය කැස්බෑව අධිකරණය මගින් ලබාගන්නා සෝදිසි වරෙන්තුවක් මත ඉකුත් දිනක පිළියන්දල කරදියාන පිහිටි එම ගණිකා මධ්‍යස්ථානය සෝදිසියට ලක්කර ඇත. එහි ඇතුල්වන පොලිස් නිලධාරීන් පිරිසට මුලින්ම දකින්නට ලැබී ඇත්තේ ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් සමඟ පෙනී සිටින එක්තරා පුද්ගලයෙකු සහිත ඡායාරූප කීපයක් හොඳින් ප‍්‍රදර්ශනය වන ආකාරයට එම ගණිකා මඩමේ තැනින් තැන ප‍්‍රදර්ශනය කර තිබෙන ආකාරයක්ය. ඒ පිළිබඳව එම ස්ථානයේ කළමනාකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු විසින් පවසා සිටින්නේ පොලිස් නිලධාරීන් සමඟ ඡායාරූප සඳහා පෙනී සිටින පුද්ගලයා එම ස්ථානයේ හිමිකරු බවත් ඔහුද නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව ඔහු විසින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට පවසා ඇති බවත්ය.

පොලිස් පාට් පෙන්වමින් සුරූපී තරුණියන් අලෙවි කළ හොර ඩී.අයි.ජී

පොලිස් පාට් ‘‘පූස් පාට්’’ බවට පත්කරමින් වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිස වැඩි දුරටත් එම ස්ථානයේ සිදුකළ පරීක්‍ෂණ හරහා ඇඟ විකිණීම රැකියාව බවට පත්කර ගත් සුරූපී තරුණියන් දෙදෙනෙකු ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා අතර ඔවුන්ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වී අත්තේ සුරූපී තරුණියන් පස් දෙනෙකු පමණ දිනපතා එහි අලෙවි වන බවත් රුපියල් 10,000 සහ 20,000 අතර මුදලකට ඔවුන්ගේ පහස ලබාගැනීම පිණිස ගනුදෙනුකරුවන් නිතර එහි යන එන බවත්ය. හිමිකරු විසින් එම කාර්ය මණ්ඩලය පවා නොමග යැවීම පිණිස තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි හඳුන්වා දී තිබෙන අතර වසර දෙකකට ආසන්න කාලයක් එම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ ‘‘පොලිස් රැස්’’ වල බල මහිමයෙන්ය. මෙම වැටලීම මගින් අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා සහ එම ස්ථානයේ කළමනාකරු ඇතුළු තවත් පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මෙම සිදුවීම හරහා තේරුම්ගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් විවිධ වේශයන්ගෙන් පෙනී සිටින ජාවාරම්කරුවන් තම තමන්ගේ ජාවාරම් කටයුතු නිරුපද්‍රිතව සිදුකරගෙන යෑම පිණිස රටේ උසස් පුද්ගලයන්, ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ තාන්න මාන්න දරන්නන් ඉතා සූක්‍ෂමව යොදාගන්නා ආකාරය පිළිබඳවය.

ඔවුන් නිතර යන එන තැන්වල ගැවසෙන ජාවාරම්කරුවන් ඔවුන් හා ඡායාරූප ගෙන ඒවා ප‍්‍රදර්ශනය කරමින් තම තමන්ගේ ජාවාරම් ජයට සිදුකරන නිර්ලජ්ජිත උත්සාහයක නිරතව ඇත. ඉකුත්දා පිළියන්දල කරදියාන ප‍්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිදුවීම ඊට එක් නිදසුනක් පමණය. අදාළ සිදුවීම පිටුපස සිටින හොර ඞී. අයි. ජී. අත්අඩංගුවට ගැනීම පිණිස මේ වනවිට පරීක්‍ෂණ සිදුකරන අතර වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පිට වලාන දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ උ. පො. ප. සඳරුවන්, පො. සැ. ජයරත්න (42520) පො. කො. බාලසූරිය (77090), පො. කො. අශාන් (39850), පො. කො. ධනුෂ්ක (93352), කා.පො. කො. දිල්හාරා (11352) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කළහ.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment