පොලිස් ලොක්කන්ට එරෙහි කාදිනල්තුමාගේ පෙත්සම

110

මැයි 9 ට පෙර විරෝධතා ගොනු කිරීමට නීතිපතිට නියෝග

සහරාන් හෂිම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ

අගරදගුරුතුමන් විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ලබන මැයි 9 වැනිදා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27 දා) නීතිපතිවරයාට නියෝග කළේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික

ගනේපොල යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. ප්‍රහාර එල්ල වීමට දින කිහිපයකට පෙරම ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා නොගැනීමෙන් ප්‍රහාර එල්ල වූ කොළඹ ප්‍රදේශය ඇතුළු සෙසු ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඔවුන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් නිසියාකාරව ඉටු කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි කරුණු සොයා බලා එම නිලධාරීන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි එම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment