පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මරුට

232

ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොහු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු ඉකුත් 20 දා ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් කොල්ලකා පළාගොස් ඇත.එම අවස්ථාවේදී අදාළ කාන්තාවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි පියපුතු දෙපළකටද සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ.එම පිහි ප්‍රහාරයෙන් අදාළ පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.මිය ගිය සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment