පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මරුට

142


කටුනායක මඩවල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් අත්අඩංගුවේ සිටි 30හැවිරිදි සැකකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම සිද්ධිය අද උදෑසන සිදුවී තිබුණි.

මිනීමැරුම් හා අපරාධ රැසකට සම්බන්ධ බවට සැකපිට එම පුද්ගලයාව කටුනායක පොලීසිය විසින් මාතරදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව කටුනායක මඩවල ප්‍රදේශයේ මාදූව වගුරුබිම වෙත අද උදෑසන 6ට පමණ පොලීසිය විසින් එම සැකකරුව රැගෙනවිත් තිබුණේ ඔහු සඟවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගැනීම සඳහා බව පොලීසිය සඳහන් කරයි.

එහිදී වළදමා තිබූ අත්බෝම්බයක් හා පිස්තෝලයක් ගොඩගන්නා අතරතුර සැකකරු අත්බෝම්බය පොලිස් නිලධාරීන් වෙත දමා ගැසීමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය සැකකරුට වෙඩිතබා ඇති බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment