පොලිස් සහ යුද හමුදාව පළමු දිනයේ ජය ගනී

91

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ආරම්භක දිනය වූ පෙරේදා (26 වැනිදා) දිනයේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවති ආරම්භක තරගයේ දී හැව්ලොක්ස් සමාජය ලකුණු 39 – 17 ක් ලෙස පරාජය කිරීමට යුද හමුදා සමාජයට හැකි විය. ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 19 – 07 කි.

පැරණි තුරඟ තරග පිටියේ පැවති දෙවන තරගයේ දී ගුවන් හමුදා සමාජය ලකුණු 22 – 17 ක් ලෙස පරාජය කිරීමට පොලිස් සමාජය සමත් විය. ප්‍රථම භාගය අවසාන වන විට ලකුණු 15 – 10 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිස් පිලට හැකියාව ලැබිණි.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට අවතීරණ වීමට පොලිස් සමාජය, යුද හමුදා සමාජය මෙන්ම නාවික හමුදා සමාජය සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සී. සමාජය සමත් විය.

නාවික හමුදා සමාජය සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සී සමාජය නිතරඟ ජයග්‍රහණ ලබමින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීම විශේෂත්වයකි. ඒ මහනුවර සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී සමාජය අවසන් මොහොතේ මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගිනි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment