පොලිස් සිර මැදිරියේදී ගෙල වැලලාගැනීමට ගත් තැත වැරදී රෝහල් ගතකරයි

280


අත් අඩංගුවට ගෙන යාපනය පේදුරුතුඩුව පොලීසියේ රිමාන්ඩ් බාරයේ තබා සිටි පුද්ගලයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මිය යාමට ගත් උත්සාහයක් වැරදී යාම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇත.
බීමත්ව බිරිදට පහර දීම හා අසල්වාසීන්ට තර්ජනය කිරීම යන වැරදි මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ බිරිදගේ හා අසල්වාසීන්ගේ පැමිණිලිවලට අනුවය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන තිබූ අතර ඊට පෙර ඔහු ගෙළ වැළලාගෙන මියයාමට උත්සහ කොට තිබේ.
පේදුරුතුඩුව මහ්සේත්‍රාත්වරයා පොලීසියට පැමිණ සිද්ධිය පිළිබදව මූලික විමර්ශනයක් සිදු කොට ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment