පොලිසියට අලුතින් 2000ක් බඳවා ගැනීමට අනුමැතිය

179

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිලධාරීන් 2000 ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති බවත් එම පිරිස ඉදිරි දිනවලදී බඳවා ගන්නා බවත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය. මින් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහා ද බඳවා ගැනීමට නියමිතය.

මේ වන විට සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අවසන්ව සිටින පිරිස අතරින් මෙම නිලධාරීන් බඳවා ගන්නා බව ද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස්පතිවරයා පැවසීය.

පොලිස් කොස්තාපල් සහ උප පොලිස් පරීක්‍ෂක නිලධාරීන් සඳහා මෙම පිරිස බඳවා ගැනෙති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment