පොලිසියට ඔත්තු ලබාදුන්නැයි දෑත් කැපූ සිද්ධියේ සැකකරුවෝ සිව්දෙනෙක් මාට්ටු – ප‍්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ

148

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි අයකුගේ දෑත් කැපූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර දෑත් කැපීමට ලක්වූ පුද්ගලයාට යකඩ පොල්ලකින් පහර දුන් පුද්ගලයා ද සිටින බව පොලිසිය කියයි.

ඉකුත් දාහත්වෙනි දින දෑත් කැපීමට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමග බණ්ඩාරගම, වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස අසලට පැමිණි අවස්ථාවේදී මෙලෙස තියුණු ආයුධ ප‍්‍රහාරයට ලක්වී තිබිණි.

එම අවස්ථාවේදී මෙම ප‍්‍රහාරය එල්ල කර තිබූ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු යතුරුපැදියකින් පලා ගිය බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.

කළුතර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී යකඩ පොල්ලෙන් පහර දීම සහ පුද්ගලයාගේ දෑත් කැපීමට යොදාගත් තියුණු ආයුධය සඟවා තබාගැනීමට මෙන්ම මෙන්ම ආධාර අනුබලදීම යටතේ මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය වී මේ වන විට දින දහයකට අධික කාලයක් ගත වී ඇතත් හඳුනාගෙන තිබෙන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන වල්ගම සුනාමි වත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට කිසිදු පොලිස් කණ්ඩායමකට හැකි වී නැත.

සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බණ්ඩාරගම පොලිසිය වෙත භාර දී ඇත

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment