පොලිසිය,මහ බැංකුව සහ කැබිනට්ටුවත් විකුණන්නයැයි ජවිපෙ නායක කියයි

173


අකාර්යක්ෂම සහ පාඩු ලබනවා යන ආණ්ඩුවේ තර්කයට අනුව ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනය විකුනන්නේ නම් අකාර්යක්ෂම අධිකරණ පද්ධතිය පොලිසිය වැනි ආයතනයත් පාඩු ලබන මහ බැංකුවත් කැබිනට් මණ්ඩලයත් විකුණා දැමීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අකාර්යක්ෂමතාවය හෝ පාඩු ලැබීම පිළිබඳ ප්‍රශ්නය ඇත්තේ රජය සතු ද පුද්ගලික අංශය සතු ද යන්න මත නොවන බවත් එය පාලනය කළ ආණ්ඩුවල වංචා දූෂණය මත ගොඩනැගූනු සමාජ ආර්ථික ගැටළුවක් බවත් හෙතෙම කීවේය .
වත්මන් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ පුද්ගලීකරණය ට මුවා වී මඩිය තරකර ගනිමින් නොහැකියාව වසා ගැනීමට බවත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment