පොලිසියෙන් බේරෙන්න මංකොල්ල කෑ මුදලින් දෙවියන් පිදූ හොරා මාට්ටු

391

කිරිබත්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 27 ක මුදලක් ලබා ගෙන යමින් සිටි ගනුදෙනුකරුවකුගෙන් එම මුදල් සහිත බෑගය යතුරු පැදියකින් පැමිණ මංකොල්ලකා පලා ගිය සැකකරු කිරිබත්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දිනෙක පස්වරුවේ කිරිබත්ගොඩ ලූම්බිණි මාවතේදී අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු මහර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝග මත රදවා තබා දීර්ඝ ලෙසට ප‍්‍රශ්න කිරීම්වලදී ඒ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවී තිබේ. මෙම සැකකරු නැවත ඊයේ (04) මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර ඔහු මීගමුව, සැකකරු දන්කොටුව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකි. මෙම මංකොල්ලය සිදු වූ දින පස්වරු 3.00 ට පමණ එම බැංකුව පිටුපස තිබෙන රථ ගාලට ගනුදෙනුකරු මුදල් රැගෙන තම වාහනයට එන අතරතුරදී මංකොල්ලය සිදු වී තිබේ.

සැකකරු මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වුවකු වන අතර ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑමි 05 යි මිලි ග‍්‍රෑමි 200 ක් පොලිස් භාරයට ගන්නා ලදී. කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඒ අවට සවි කර තිබෙන සී.සී.ටී.වී. කැමරා 100 කට අධික සංඛ්‍යාවක රූපරාමු නිරීක්ෂණය කොට සැකකරු මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මේ සැකකරු රදවා තබා ගෙන සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී මීගමුව , දන්කොටුව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ සඟවා තිබී මංකොල්ල කන ලද මුදලින් රුපියල් දස ලක්ෂ හැට දහසක මුදලක් හා එම මුදල් වලින් මිලදී ගත් හාර ලක්ෂ හැට පන්දහසක් වටිනා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් සොයා ගෙන ඇත. මීට අමතරව මෙම මංකොල්ලය සඳහා යොදා ගන්නා ලද සී.ඞී.100 වර්ගයේ යතුරු පැදිය, එයට සවි කර තිබු ව්‍යාජ අංක තහඩු දෙකක හා මොහු පැළඳ ගෙන සිටි ආරක්ෂිත හිස් වැසුම ද ඔහුගේ නිවෙසේ සඟවා තිබී සොයා ගෙන ඇති අතර එම යතුරු පැදියේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට දැන් කටයුතු කර ගෙන යයි.

පොලිසියෙන් බේරෙන්න මංකොල්ල කෑ මුදලින් දෙවියන් පිදූ හොරා මාට්ටු

තවද මේ සැකකරු විසින් කඩවත පොලිස් වසම තුළ සිදු කරන ලද මෙවැනි මුදල් මංකොල්ල කෑම් ගැන කරුණු හෙළිදරව් කර ගැනීමට ද හැකි වී තිබේ. මේ සැකකරු මංකොල්ල කන ලද ඉතිරි මුදල් හෙරොයින් පානය කිරීමට, මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමට හා පවුලේ සාමාජිකයින් සමග සුඛෝපභෝගි මෝටර් රථයකින් කතරගම ප‍්‍රදේශයට ගොස් පොලිසියෙන් බේරා දෙන ලෙසට දෙවියන්ට කන්නලව් කරමින් පුද පුජා පවත්වා තිබෙන අතර එම කතරගම ගමනට ඔහු රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් වැය කර තිබෙන බව කියයි.
මෙම වැටලීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පුදීප් කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැලූම් බණ්ඩාර, පො.කො. ජයලත් (73251), ක‍්‍රිශාන්ත ( 32314), අශාර (34647), නන්දසිරි (93652) හා පො.කො. නිලූකා ( 8412 ) යන නිලධාරීනී පිරිස සහභාගී වූ අතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණතිලක, පො.කො. වික‍්‍රමසිංහ ( 75007), පත්මසිරි (79778), ලියනගේ (67632), රණවීර (94046) හා දිල්රුක්ෂාන් (83872)යන නිලධාරීන් විසින් ඒ අවට රූප රාමු නිරීක්ෂණය කරමින් මේ විමර්ශනය සඳහා සහාය ලබා දෙන ලදී. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ඞී.එම්. යු.එම්. දිසානායක, කැලණිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් හා කැලණිය සහකාර පොලිස් අධිකාරි (3) පෙරුමාල් පත්මනාදන් යන මහත්වරුන් පිරිසගේ අධීක්ෂණය යටපත් මේ වැටලීම සිදු කරනු ලැබුහ. එහිදී මේ වැටලීමට එක් වූ කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රදීප් කුමාර හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කැලූම් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායම, සොයා ගත් මුදල් හා යතුරු පැදි සමග මෙහි වෙති.

දෙල්ගොඩ – ඩබ්ලිව්.ඞී. විතාන සහ බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment