පොලිසියේ  ගෙල සිඳින්න දේශපාලන  හෙංචයියෝ දඟලති

318

කැලණිය පොලිස් අධිකාරී බල ප්‍රදේශය තුළ අවංකව රාජකාරි ඉටුකරන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ නිලධාරීන් මාරුකර යැවීම සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් දැඩි උත්සාහයක යෙදී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මුදාගැනීමට ද, රාත්‍රි සමාජ ශාලා හා සම්බාහන ආයතන වැටලීම් සිදුනොකරන ලෙසද ඔවුන් පොලිසියට විවිධ බලපෑම් සිදුකරන බව දැනගන්නට තිබේ.

මෑතකදී කැබිනට් ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපානඥයන් අතළොස්සක් විසින් දිගින් දිගටම තම පාක්‍ෂිකයන්ට පොලිසියෙන් සිදුවන හිරිහැර ලෙස නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව මෙම අභූත චෝදනා එල්ල කර ඇති බවටද වාර්තා වේ.

සපුගස්කන්ද, බියගම, කැලණිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය වැටලීම්, රාත්‍රි සමාජ ශාලා සහ ස්පා ආයතන වටලමින් ක්‍රියා කිරීම නිසා සාමයට ලැදි දූෂණයට විරෝධී ක්‍රියාකාරීන්ගේ ප්‍රසාදයට පොලිස් ස්ථාන කිහිපයකම ස්ථානධිපතිවරුන් සහ නිලධාරීන් පාත්‍රව සිටින වාතාවරණයක් තුළ මෙවැනි ක්‍රියාදාමවලට ඉඩ නොදෙන ලෙසද එම ක්‍රියාකාරීහු ජනපති, පොලිස්පති හා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment