පොලිසියේ හිංසනය – සී.අයිට එරෙහිව විමර්ශන

417

කළුතර ප්‍රදේශයේ පැවති විරෝධතාවක් මැඬපැවැත්වීමට ගිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා හිංසනයක් කළ බව කියන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට එරෙහිව පොලිස් මූලස්ථානය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අරගලයේ මවුවරු යනුවෙන් හඳුන්වාගනිමින් කාන්තාවන් දෙදෙනකු විසින් රැඳවුම්භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස පුවරු රැගෙන කළුතර බෝධිය අසල සිට පෙරේදා (12 දා) පා ගමනින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරිනියන් අතර සිටි කොස්තාපල්වරියකගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා සිටි බවට ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කොස්තාපල්වරියගේ ගෙල අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සිදුවීමට අප්‍රසාදය පළ කරමින් නීතිඥ සංගමය ද අදහස් ප්‍රකාශ කර ඇත. සාමකාමී විරෝධතා පැවැත්වීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇති බවත්, මෙම කතුන් අත්අඩංගුවට ගැනීම පොලිසිය මිනිසාගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment