පොලිසියේ 156 කට ඒ. එස්. පී. උසස්වීම්

144

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 156 දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම උසස්වීම් පසුගිය මාර්තු මස 18 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ලබා දී තිබේ. උසස්වීම් ලබාදුන් නිලධාරීන්ට ඉදිරි දිනවලදී ස්ථානමාරුවීම් ලබා දීමට නියමිතය. මේ වනවිට එම නිලධාරීන් සඳහා ස්ථානමාරුවීම් සකස් කරමින් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment