පොලිසියේ 225 ක් දඬුකඳේ ගහන්න යයි

312

දූෂණ ක්‍රියාවලට නිරත වී පොලිස් දෙපාර්තමේන්තුවේ නම කිලිටි කළ උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙසීය විසිපහකට අධික පිරිසකට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන අතර එවැනි තවත් නිලධාරීන් පිරිසක් සම්බන්ධව පැමිණිලි ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඉකුත් වසර තුන හතරේ දී පමණක් ලද පැමිණිලි මත මෙම නිලධාරීන් පිළිබඳ විනය පරීක්ෂණ සිදු කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම, අල්ලස්, කාන්තා හිංසන ඇතුළු විවිධාකාර දූෂණ චෝදනා මොවුන්ට එරෙහිව ලැබී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කරමින් ක්‍රියා කරන කවර තරාතිරමක නිලධාරියකුට වුව ද නීතිය එකසේ ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment