පොලිසියේ 500 කට එරෙහිව විමර්ශන

133

අල්ලස් ගැනීම්, පහරදීම්, කෲර වධහිංසා පැමිණවීම් ඇතුළු විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් මේ වසර තුළ පොලිස් නිලධාරින් 500 දෙනෙකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මෙම අපරාධවලට සහ විනය විරෝධී ක්‍රියාවන්ට වැරදිකරුවන් වන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් “දිවයින”ට කියා සිටියේය.

පොලිස් නිලධාරින්ට විනයානුකූලව නීතිගරුකව රාජකාරි කරන ආකාරය පිළිබඳව කොතෙකුත් දැනුවත් කිරීම් සිදු කළ ද සමහර නිලධාරින්හට නිලඇඳුම පාවිච්චි කර නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවල නිරතවන බවද එම නිලධාරියා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment