පොලිසියේ 600ක් ඝාතනය කරුණා අම්මාන්ට චෝදනා ගොනුවෙයි

559

වසර 33 කට පෙර තිරුක්කෝවිල් වනයේදී පොලිස් භටයන් 600 දෙනකු ඝාතනය කිරීමට වගකිවයුතු නැඟෙනහිර හිටපු කොටි හමුදා ප්‍රධානියා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහි රජය ස්ථාපිත කළ සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇත.

මෙම පොලිස් භටයන් සංහාරය කිරීම කරුණා සිදුකළ බව බැංගලෝරයේ මහාචාර්යවරයෙක් සහ ඝාතනය සිදු වූ සමයේ තිරුක්කෝවිල්හි කඳවුරේ සිටි හිටපු විශේෂ කාර්ය බලකා භටයකු වූ ජනිත් චමිල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

1990 ජුනි 11 දා සිදු වූ මෙම ඝාතනය ගැන කිසිදු පරීක්‍ෂණයක් සිදුවී නොතිබුණි.

එහෙත් සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීම නිසා එම ඝාතනය වසන් කිරීමට නොහැකි වී ඇත.

තිරුක්කෝවිල් සංහාරයේදී දිවි ගලවා ගනු ලැබුවේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment