පොලිසිය තුළදී නීතිඥවරයාට බැණ වැදුණු සැකකරුට ඇප

195

කරදරයකට මුහුණදී කොච්චිකඬේ පොලිසියේ සිටිනා තම සේවාදායකයා හමුවීමට එහි ගිය නීතිඥවරයකුට එම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ බැණ තර්ජනය කිරීම හා බලපෑම් කිරීම යන චෝදනාව මත රිමාන්ඞ් භාරයේ පසුවූ සැකකරු රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය 9 දා නියෝග කළාය.

මෙහිදී ඇප නියමවූ සැකකරු වූයේ කොච්චිකඬේ පල`ගතුරේ පදිංචිකරුවෙකි.

මෙම නඩුව 9 දා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ සැකකරු විසින් පොලිස් ස්ථානය තුළදී මැරයකු ලෙස හැසුරුණු ආකාරය පිළිබඳව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් රැුසක් කරුණු ඉදිරිපත් කරනු ලැබූහ.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝස් ප‍්‍රනාන්දු මෙනවිය කරුණු දක්වමින් එකම ගම්මානයේ දෙපිරිසක් අතර වූ ගැටුමක් මෙම සිද්ධියට පසුබිම්වී ඇති බවත් සැකකරු ඉදිරියේදී පීඩාවක් ඇති නොවන ලෙස කටයුතු කරන බවත් පැවැසුවාය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 23 වැනිදාට කල්තැබිණි.

මෙහි පැමිණිල්ල කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණිල්ල මෙහෙයවිය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රංජන් ජයසිංහ, සුදේශ් අමරසිංහ, චාමර ජයසිංහ, බැස්ටියන් ජයවර්ධන, සුරාජ් ජයමාන්න, මහින්ද සුගතදාස, සතුල ගුණතිලක යන මහත්වරුන් ඇතුළු විශාල නීතිඥවරුන් රැුසක් සමඟ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පි‍්‍රමාල් අමරසිංහ සංජීව ඇන්ටනි යන මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 23 වැනිදා දින පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment