පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරනවා – GMO කියයි

151

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝසකයන් මර්දනය සඳහා පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරන බව පෙනී යන බැවින් වහාම මෙය නිවැරදි කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

පනතේ බලතල වෙනත් පාර්ශ්ව වෙත පැවරීම මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වූයේ අපක්‍ෂපාතී ජනතා විශ්වාසය රැුකෙන පරිදි කටයුතු කිරීම වුවද මේ වනවිට පොලිසිය එය කි‍්‍රයාත්මක කරන ආකාරය දෙස බලන විට ජනතා විශ්වාසය පළුදුවෙමින් තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.

එබැවින් වහාම මේ සම්බන්ධව මැදිහත්වී පවතින තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී සිටියි.

මේ සම්බන්ධව වැඩිදුර අදහස් දක්වමින් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා මෙසේද පැවැසීය.

මෙම නිරෝධායන පනත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සකස්කර ඇත්තේ සියලූ ජන කොට්ඨාසවලට එක සමානව කි‍්‍රයාත්මක කිරීමටයි. එසේ නැතිව කිසියම් ජනවර්ග කොට්ඨාසයක් එල්ලකර කි‍්‍රයාත්මක කිරීමට නොවෙයි. එසේ වුවහොත් රටේ ජනතාව තුළ මෙම නිරෝධායන පනත ගැන අවිශ්වාසයක් ඇති වෙනවා. එවිට ඔවුන් ඊට අවනත වන්නේ නැහැ.

රටේ සෑම දෙනාට එක නීතියක් තිබිය යුතුයි. නීති දෙකක් කි‍්‍රයාත්මක වෙන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස් මර්දනය කරන්න නිරෝධායන පනත අවභාවිත කිරීම සම්බන්ධව අප සංගමය දැඩිසේ විරෝධය පළ කරනවා.

උපාලි සේරම් සහ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment