පොලිසිය පල්ලියේ බෝම්බය ගැන පරීක්ෂණ යට ගහන්න හදනවා – කාදිනල්තුමා කියයි

139

බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ අත් බෝම්බය සම්බන්ධ පරීක්ෂණය පොලිසිය යට ගැසීමට උත්සාහ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

අත් බෝම්බය ගෙනත් තැබූ පුද්ගලයා අත්අඩංගුවට නොගෙන පල්ලියේ මුරකරු සහ එහි සහායකයා අත්අඩංගුවට ගෙන ඇති බවත් මින් පොලිසිය උත්සාහ කරන්නේ දේවස්ථාන වෙත ජනතාව පැමිණීමට බිය ගැන්වීමට බවත් හරි හැටි නීතිය කි‍්‍රයාත්මක කළ නොහැකි නම් පොලිසිය නිල ඇඳුම් ගලවා සේවයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටින බවත් කාදිනල්තුමා සඳහන් කළේය.

දේවස්ථානයේ සී. සී. ටී. වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන සිට දර්ශන පරීක්ෂා නොකර පොලිසිය සවස දර්ශන පමණක් පරීක්ෂා කළ බවත් උදෑසන දර්ශනවල නොණ්ඩි ගසමින් පුද්ගලයකු දේවස්ථානයට පැමිණ යමක් එහි තබා යන අයුරු දැකිය හැකි බවත් ඔහු පල්ලියේ මුරකරු දැක කලබලයට පත්ව පිටව යන්නේ නොණ්ඩි ගැසීමකින් තොරව බවත් කාදිනල්තුමා පැවසීය.

මේ අනුව අත් බෝම්බය පල්ලියට ගෙනවිත් තැබූ පුද්ගලයා බවට සැකකරන අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ නොකරන්නේ ඔවුන් කිසියම් දෙයක් සැඟවීමට උත්සාහ ගන්නා නිසා බවට සැක කරන බව ද සඳහන් කළේය. කාදිනල්තුමන් මේ බැව් පැවසුවේ ඊයේ (13 දා) සවස බොරැල්ල අගරදගුරු මැඳුරේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment