පොලිසිය සොයන ‘චීනා’ ගලහ ඉඩමකින් මතුවෙයි!

386

ගලහ වාරියගල හල්ඔය ප‍්‍රදේශයේ ඉඩමකට මැර පිරිසක් සමඟ ඇතුළුවී ඉඩම රැුකබලාගත් කාන්තාවකට හිංසා කිරීමේ සිද්ධියට පොලිසියට අවශ්‍ය කර සිටින ‘චීන ජාතිකයා පෙරේදා (12දා) එම ඉඩමේ සිටිනු දුටු බවට පිරිසක් ගලහ පොලිසියට දැනුම්දී තිබේ.

 පසුගිය 04 වැනිදා අක්කර 10 ක ඉඩමේ මැනුම් කටයුතු ස`දහා ඉඩම සුද්ද කරන අවස්ථාවේ සැකකාර චීන ජාතිකයා ගෝලයන් සිව්දෙනකු සමඟ පැමිණ කාන්තාවට පහරදුන් බවට එම කාන්තාව ගලහ පොලිසියට පැමිණිලි කර රෝහල්ගතවී තිබුණි.

 මෙම පහරදීමේ සිද්ධිය මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත්, අධිකරණ නියෝග මත සැකකාර චීන ජාතිකයාගෙන් ප‍්‍රකාශයක් ගැනීමට විමර්ශන සිදුකරන බවත් ගලහ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති රත්නායක තල්වත්ත මහතා ‘දිවයින’ ට පැවැසීය.

 අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද චීන ජාතිකයා කොළඹට ගොස් ඇති නිසා එය ව්‍යර්ථ වූ බවද ඒ මහතා කීය. කොළඹ ප‍්‍රදේශයේ තානාපති වරප‍්‍රසාද පවතින ස්ථානයක ඔහු රැු`දී සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී තිබිණි. මේ සිද්ධියට හේතුවී ඇත්තේ දෙපාර්ශවයක් අතර ඇති ඉඩම් ආරවුලක් බවත් එය විසඳා ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

 මෙම චීන ජාතිකයා මුස්ලිම් ජාතිකයකුගෙන් මෙම ඉඩම 99 අවුරුදු පදනමට බදුගෙන එම ස්ථානයේ කන්දක අනවසරයෙන් ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති බවත් එහි තිබූ ස්වාභාවික දිය ඇල්ලක් වසා එහි දිය පහර තම වත්තේ පිහිනුම් තටාකයකට හරවා ඇති බවටත් තොරතුරු හෙළිවී තිබේ. දැනටමත් ඒ පිළිබ`දව ලැබී ඇති පැමිණිලි මත පරිසර අධිකාරිය ඇතුළු අදාළ අංශ ඒ පිළිබ`දවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 යාබද ඉඩමක මැනුම් කටයුතු සිදු කරන පිරිසකට එම අවස්ථාවේ ‘පොලිසිය’ ට සොයා ගැනීමට අපහසුවී සිටින ‘චීනා’ දකින්නට ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment