පොලිසිය හෙල්ලෙයි

236


වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී ඇති අ.ර ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සේවය කළ ඩී.ජී.එන්. ජයවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර ඇත.

මේ අතර උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.එස්. ප්‍රියන්ත මහතා එම තනතුරේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු වීම් සිදුකර තිබේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත්කර ඇති අතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 17දෙනෙකු සහ වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ස්ථානමාරුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටී.

පොලිස් අධිකාරිවරුන් 13දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහාත්ල පොලිස් අධිකාරිවරුන් 08දෙනෙකු ස්ථාන මාරු කිරීම් ද සිදුකර ඇති බව සඳහන්ය.

මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් 19දෙනෙකු හා කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment