පොලී අනුපාත ඉහළ දමයි

741

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පොලී අනුපාත 7% කින් ඉහළ දමා ඇත.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මෙලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වාත් ඉහළ දමා ඇත.

මෙලෙස පොලී අනුපාත ඉහළ දැමුවේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට බවද පවසයි.

නව මහ බැංකු අධිපති ලෙස පත්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු පැවැති පළමු මූල්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment