පොලොන්නරුවේ කොරෝනා මරණ සංඛ්‍යාව 114 දක්වා ඉහළට… ගතවූ පැය 24ට අලූත් ආසාදිතයෝ 216ක්… තුන්වන රැල්ලේ ආසාදිත පාසල් ළමුන් 652 ක්…

426

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 216 ක් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා ඊයේ (03 දා* ප‍්‍රකාශ කළේය.

දිස්ත‍්‍රික්කයේ සිදුව ඇති තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වනවිට 114 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා කීය. තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිත පාසල් ළමුන් 652 දෙනකු සිටින බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කළේය. මේ වනවිට හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 8492 ක් බවද හෙතෙම පැවැසීය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ තමන්කඩුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර, වැලිකන්ද, අරලගංවිල, සිරිපුර සහ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලිනි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment