පොලොන්නරුවේ ලේබල්වලින් මුතූර්වල හාල් ගේමක්

688

පොළොන්නරුව ඇතුළු රටේ සහල් නිපදවන ප‍්‍රසිද්ධ නම් 22 ක සහල් ලෙස හඟවමින් ව්‍යාජ නම් යොදා මූතූර් ප‍්‍රදේශයේ සහල් අලෙවි කළ මධ්‍යස්ථානයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (07 දා) වටලා ඇත.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම් සිදු කළ පරීක්‍ෂාවේදී මෙම සහල් ගෙන ආ බව කියන වී මෝල් පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු ව්‍යාජ ඒවා බවට හෙළිවී තිබේ.

සහල් මිටිවල මුද්‍රණය කර ඇති නම් පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සහල් ලෙස හැෙඟන ලෙස හෝ ඒවායේ නම් ලෙස හෝ මුද්‍රණය කර ඇති බව ද හෙළිකරගෙන ඇති සහල් තොග අත්අඩංගුවට ගෙන පාරිභෝගික අධිකාරිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment