පොලොන්නරුවේ වී ගබඩා 13කට මුද්‍රා තබයි

100

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී වී  ගබඩාකර තිබූ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගබඩා 13ක් මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි.

 පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරිය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, සෙවනපිටිය, කටුවන්විල, අරලගංවිල, දම්මින්න, නිකවතලන්ද යන ප‍්‍රදේශවල පසුගිය 26,27හා 28 තෙදින තුල සිදුකළ වැටලීම්වලදී මෙම වී තොග අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලොන්නරුව කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එච්.ජී.සී.කුමාර මහතා ප‍්‍රකාශ කළේය.එහි ගබඩාකර ඇති වී ප‍්‍රමාණය වී කිලෝ ලක්‍ෂ 25කට අධික බවද ඒ මහතා කීය. මෙම වී තොගයේ වැඩිම ප‍්‍රමාණයක් කීිරි සම්බා බවත් ඇතැම් වෙළෙඳුන් තම වී තොග වී අලෙවි මණ්ඩලයට සහතික මිල යටතේ අලෙවි කිරීමට එකඟවූ බවත් එසේ නොවූ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීවරයා පැවැසීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment