පොලොන්නරුවේ සිසුන් 460 කට කොවිඩ්

103

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් ළමුන් 460දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බවත් දිස්ත‍්‍රික්කයේ මේ වන විට කොරෝනා මර්දන ප‍්‍රතිශක්තිකරණ එන්නත් දෙවැනි මාත‍්‍රාව නොලද පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් පළමු මාත‍්‍රාව ලබා ගෙන මාසයක් ගතව ඇතත් දෙවැනි මාත‍්‍රාව නොලැබීමෙන් අවදානමට ලක්ව ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් දෛනිකව ආසාදිතයින් වාර්තා වීම ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත් 25 වැනිදා පමණක් පුද්ගලයින් 328ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

 මේ වන විට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ තුන්වැනි රැුල්ලෙන් ආසාදිතයින් 6730 ක් හඳුනාගෙන ඇති බවත් ඒ අතර පාසල් ළමයින් 460ක් සිටින බවත් පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ. කුමාරවංශ මහතා අප කළ විමසුමක දී පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට කොරෝනා මර්දන ප‍්‍රතිශක්තිකරණ එන්නත් මාත‍්‍රා එකක් ලබා ගත් ලක්ෂයකට ආසන්න පිරිසක් දෙවැනි මාත‍්‍රාව ලබා දීමට දින වකවානු සම්පූර්ණ කර ඇති බවත්් එසේ වුවත් එන්නත් තොග නොලැබීම නිසා මෙම එන්නත් මාත‍්‍රාව ලබා දීම කල් යා හැකි බවත් ය. ලැබුණු වහාම දෙවන මාත‍්‍රාව ලබා දීමට කටයුතු කරන බවත් මෙතෙක් වයස අවුරුදු 60 ට වැඩි පළමු එන්නත් මාත‍්‍රාව ලබා නොගත් පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීම මේ දිනවල සිදුවන බවත් ඒ මහතා කීවේය. ඒ සඳහා එන්නත් මාත‍්‍රා 40000ක් ලැබුණු බවද හෙතෙම පැවසීය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 96 දක්වා ඉහළ ගොස් ඇති බවත් දිනකට කොරෝනා මරණ 4ක් පමණ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන තත්ත්වයක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

කරුණාරත්න ගමගේ, පොලොන්නරුව රොෂාන් තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment