පොසිටිව් වෛද්‍ය වාර්තාව අතැතිව දෙදරු පියා පාරේ වැටී මරුට

362

රාගම ප‍්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරී වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනීමට හැකිවූ බව රාගම පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකු බවට හඳුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.

කැස්ස සහ සුළු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකට මුහුණදී ඇති මියගිය අය එම පරීක්ෂණයේදී කොවිඞ් පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වී ඇති බවත් ඒ පිළිබඳව ලැබී ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මීටර් 20 ක දුර ප‍්‍රමාණයකදී මෙසේ මහ මග ඇද වැටී මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇති අය කොරෝනා මර්දන පළමු එන්නත ලබා ගෙන දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදී අනාවරණය වී ඇත.

අදාළ මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී මියගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසියේ සැරයන් ප‍්‍රියන්ත මහතා පවසා සිටියේය.

මියගොස් ඇති පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.

බී.ටී.කේ.-ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment