පොසොන් පොහොයදා මත්පැන් විකුණූ අයට පොලිස් ඇප

432

HTML clipboard

නුවරඑළිය – නාලක රත්නායක

පොසොන් පොහෝ දින බලපත‍්‍රයක් නොමැතිව වැඩි මිලට රජයේ අනුමත මත්පැන් අලෙවි කළ සැකකරුවකු මත්පැන් බෝතල් තොගයක් සමග නාවලපිටිය පොලිසියේ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (24 දා* දින පනවා තිබු සංචරණ සීමා නීතිය උල්ලංඝනය කරමින් සැකකරු නාවලපිටිය ගල්මුදුන ප‍්‍රදේශයේ ඔහුගේ නිවසේ බලපත‍්‍රයක් නොමැතිව වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට නාවලපිටිය පොලිසියේ විශේෂ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වැටලීමක් සිදුකර සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ රජයේ අනුමත මත්පැන් බෝතල් 16 ක් සහ බියර් ටින් 30 ක් තිබී ඇත. සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇත.

නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතාගේ උපදෙස් මත නාවලපිටිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප. අමිල සම්පත්, පො. සැ. විජේතුංග (32526*, පො.සැ. ජයසිංහ (33868*, පො. කො. ඉන්ද්‍රජිත් (72677*, පො. කො. වසන්ත (77876*, පො. සැ. ගොඩගම (38167* යන නිලධාරින් විසින් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment