පොසොන් පොහොයදා හුදකලා වූ අනුරපුර පුදබිම

296

මිහින්තලේ – රංග චතු
 
 

අනුබුදු මිහිඳු මාහිපාණන් ප‍්‍රමුඛ ධර්මදූත කණ්ඩායම නිර්මල බුදුදහම රැුගෙන මෙරටට වැඩම කිරීම සිහිපත් කරනා 2329 වන පොසොන් පොහොය දිනය ඊයේ (24දා* දිනට යෙදී තිබුණු අතර පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පොසොන් පොහොය පිංකම් පැවත්විණි.

පොසොන් පොහොයදා හුදකලා වූ අනුරපුර පුදබිම

 2019 පාස්කු දින ප‍්‍රහාරයත් ඇතුළුව පවතින වසංගත තත්වය නිසා වසර තුනක කාලයක් තිස්සේ පොසොන් පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවත්වීමට නොහැකි වූවත් මිහිඳු මාහිමිපාණන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය, තන්තිරිමලය, අවුකන ඇතුළු සියළුම වෙහෙර විහාරස්ථාන වල ඊයේ (24දා* අළුයම සිට විවිධ පිංකම් පැවත් වුවත් බැතිමතුන්ට ඊට සහභාගිවීමට නොහැකි විය.
 
 අනුරාධපුර වැඩ බලන අටමස්ථානාධිපති රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් හා අනුශාසනාව පරිදි අනුරාධපුර ජය ශ‍්‍රී මහ බෝධින්වහන්සේ රුවන්වැලි මහා සෑය අභයගිරිය ජේතවනාරාමය ලංකාරාමය ථූපාරාමය ඉසුරුමුණිය සමාධි පිළිමය යන වන්දනීය පූජනීය ස්ථානයන්හිදි පොහොය දින පිංකම් ජන සහභාගිත්වයෙන් තොරව සිදුකෙරිණි.
 
 සම්බුද්ධ ශාසනයේ මූලස්ථාන ලෙස සැලකෙන මිහිඳු මාහිමිපාණන් ප‍්‍රමුඛ ධර්මදූත කණ්ඩායම වැඩම කළ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන භූමියේ සිදුකෙරෙන පොසොන් පිංකම් සිදුකරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුශාසනාව පරිදිය.
 
 වෙනදාට දස දහස් ගණනින් පෙහෙවස් සමාදම් වීමට අනුරාධපුර අටමස්ථානයට මිහින්තලා පුදබිමට පැමිණෙන කිසිදු බැතිමතෙකුට පැමිණිමට නොහැකිව තිබෙනා අතර අතුරු සිදුරු නොමැතිව පිරි ඉතිරි යන පුදබිම් පාළුවට ගොස් ඇති අයුරු ඊයේ (24දා* අළුයම මෙසේ දිස්විය.

advertistmentadvertistment
advertistmentadvertistment