පොසොන් පෝ දින සහ පසු දින සීගිරිය නැරඹීමට විශාල ජනකායක්

159

සීගිරිය නැරඹීමට පොසොන් පෝ සහ පසු දින දෙස් විදෙස් සංචාරකයින් තිස් පන්දහසක් ඉක්මවා පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය.

පොසොන් පෝ දා (3) පමණක් දේශීය සංචාරකයින් 17,480ක් විදේශීය සංචාරකයින් 265කු පැමිණ ඇත. ඔවුන්ගෙන් ලක්ෂ තිස් පහක පමණ ආදායමක් උපයාගෙන තිබෙන අතර 04 වැනිදා ලක්ෂ තිහක පමණ ආදායමක් අපේක්ෂා කර ඇත.

2018 වසරින් පසුව සීගිරිය නැරඹීමට විශාල සංචාරකයින් පිරිසක් එක්වූ අතර ඔවුන් පාලනය කිරීමට සීගිරිය කාර්යාලයේ නිලධාරීහු දැඩි පරිශ්‍රමයක් දැරූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය’

advertistmentadvertistment
advertistmentadvertistment